Saturday, March 10, 2012

දරු සෙනෙහස






දස මසක් කුස හොවා 
ඇඟේ ලේ කිරි කර පොවා 
පන දෙවෙනි කොට මෙමා 
රැකුවේ පුතු නුඹ  තමා 

කොස්  පොලොස්  බතල අල 
කිරි අලද සමගින්ම රස 
බත් නැතත් නුඹේ කුසට 
හැදුවේ මා පුතු රජ කෙනෙකු ලෙස 

 ඉගෙනුමත් ජය අරන්
 නීතියේ තැන අරන් 
පුතේ නුඹ අද මහා මෙරකි මට 
 රටේ නුඹ දැන්  ලොකු තැනක්

ගෙදර දොර වැඩ පල ත් 
ලේලියගේ  කරදරත් 
වින්දේ මා නුඹ නිසයි 
එත්  නෑ  මට සැනසුමක් 

අම්මා යයි කියූ නුඹේ මුවින් 
අද එන්නේ මැණිකා  ලෙසින් 
ගෙදර දොර වැඩ කරමි මා අද 
මෙහෙකාරි මිස මවු  නොවෙයි 

හිත තුටින් වැඩ පල කරේ මා 
නුඹ හින්දමයි මයේ පුතේ 
ලේලි දුන් මහා ගින්දරකි මට 
නුඹේ සිත මා කෙරේ බිදවුයේ 

පටවලා සියලු දෑ වාහනේ තදියමට 
 රැගෙන මා ඇරලුවා නිවස්නෙන් බොහෝදුරක
 නමින් ඒ නිවස්නය මහලු මඩමයි කියන
අවසාන කාලයයි දැන් මගේ මේ ගෙවෙන 

වියපත්ව මා තනිව මියැදුනා අද සවස 
අවසාන හුස්මේදීත් සිහිඋනේ  නුඹ ගැනම 
ඒ උනත් සුදු පුතේ  කියන්නම් මා මෙලෙස
මතු මතුත් ආත්මයම නුඹ වෙයන් මගේ පුතුම ..................!!!!!!





පින්තූරය ගූගල් වෙතින්


4 comments:

  1. පෙරසේම දයාබර ඇස් වලින්
    ආශිර්වාදය පතනවා
    ඉපදෙනා මතු මතුත්
    මව්පිය ඔබම වේවා...!!
    මං පැතුම් පතනවා අම්මේ..... ♥

    ReplyDelete
  2. අම්මගේ ආදරේ තේරුම ගන්න බැරි පුදුමයක්..ආදරයක්..ඒ තුරුළු හැමදාම ඉන්න ඇත්නම්.

    කවිය හුඟාක්ම දැනුන යාලු...

    ReplyDelete
  3. නම සුරා යකා වුනාට ලෙසටම ලියලා.. ජය !

    ReplyDelete
  4. උල තියන්න එපෑ ඒකව

    ReplyDelete