Saturday, March 10, 2012

දරු සෙනෙහස






දස මසක් කුස හොවා 
ඇඟේ ලේ කිරි කර පොවා 
පන දෙවෙනි කොට මෙමා 
රැකුවේ පුතු නුඹ  තමා 

කොස්  පොලොස්  බතල අල 
කිරි අලද සමගින්ම රස 
බත් නැතත් නුඹේ කුසට 
හැදුවේ මා පුතු රජ කෙනෙකු ලෙස 

 ඉගෙනුමත් ජය අරන්
 නීතියේ තැන අරන් 
පුතේ නුඹ අද මහා මෙරකි මට 
 රටේ නුඹ දැන්  ලොකු තැනක්

ගෙදර දොර වැඩ පල ත් 
ලේලියගේ  කරදරත් 
වින්දේ මා නුඹ නිසයි 
එත්  නෑ  මට සැනසුමක් 

අම්මා යයි කියූ නුඹේ මුවින් 
අද එන්නේ මැණිකා  ලෙසින් 
ගෙදර දොර වැඩ කරමි මා අද 
මෙහෙකාරි මිස මවු  නොවෙයි 

හිත තුටින් වැඩ පල කරේ මා 
නුඹ හින්දමයි මයේ පුතේ 
ලේලි දුන් මහා ගින්දරකි මට 
නුඹේ සිත මා කෙරේ බිදවුයේ 

පටවලා සියලු දෑ වාහනේ තදියමට 
 රැගෙන මා ඇරලුවා නිවස්නෙන් බොහෝදුරක
 නමින් ඒ නිවස්නය මහලු මඩමයි කියන
අවසාන කාලයයි දැන් මගේ මේ ගෙවෙන 

වියපත්ව මා තනිව මියැදුනා අද සවස 
අවසාන හුස්මේදීත් සිහිඋනේ  නුඹ ගැනම 
ඒ උනත් සුදු පුතේ  කියන්නම් මා මෙලෙස
මතු මතුත් ආත්මයම නුඹ වෙයන් මගේ පුතුම ..................!!!!!!





පින්තූරය ගූගල් වෙතින්


Friday, March 9, 2012

රුහුණු කුමාරි






නැගිටින්න ළමයෝ ....අද කීයටද පන්ති යන්නේ...... අම්මා දොර රෙද්ද පැත්තකට දාලා කෑ ගැහුව පාර උඩ  ගිහිල්ලා වැටුනා.
            හුටා ..අදත් පරක්කුයි ...මොන කරුමයක්ද මන් දන්නේ නැහැ ..මේ කරුම එලාම් එක අදත් වැදුනේ නැහැ...ෂික් .
අඩියට  දෙකට ළිද ලගට දුවගෙන ගිහිල්ලා මුණ කට හෝද ගෙන කොන්ඩේ ට පොඩි ජෙල් පාරක් දාලා  බස් එකේ එල්ලුනේ අපේ එවුන් මේ වෙද්දී පන්තිය ලග මන් එනකන් බලන් ඉන්න බව දන්නා හින්ද ...
                   අඩෝ සාරංග ........අපි මෙහේ .....
       බස් එකෙන් බහිනකොටම  ඉබ්බා ඈත තියලම කෑගහනවා ......අපේ සෙට් එකම පාරේ ..
මොකෝ බන් අද ක්ලාස්  යන්නේ නැද්ද ....
 නැහැ බන් අද සර් කාරයා එන්නේ නැහැලු ... අපි බැලුවේ  බීච් ඒක පැත්තට මාරුවක් දාන්න ...
එළකිරි ...යමු යමු ..අදවත් දෙයියෝ බලලා  කෑල්ලක් සෙට් වෙන් නැතැ..........
මේ  ඒක නෙමේ බඩට මොනවහරි ඔබාගන්න ඕන බන් ...වරෙන් යන්න.... නානාගේ කඩේට ගිහින්  තෝසේ පාරක් වත් දාලා  යමු ...
අපි  ටික පුටු පෙරලගෙන වාඩි උනා ..වාඩි උනාට මොකද මුන් ලග සල්ලි තියෙන එකක් යැ ..
මේ ඒක නෙමේ අද නම් ඔන්න මගේ ලග තියෙන්නේ රුපියල් සීයයි ...ගානකට කාපන් ...
හරි හරි අපි ලගත් තියෙනවා...මොකෝ උඹ කියලා ජොබක් කරන එකක්යැ ...දුමිය අද වීරයා වෙලා..

කොහොම හරි කට්ටියකාලා ඉවර වෙලා බිල  ගෙනාවා ... 
    ආ දැන්  සල්ලි දාපන් ...මම පර්ස් ඒක අදින ගමනදුමියට කිවුව ...
දුමියගෙන් පනහයි ..මගෙන් .....................
හුටා මචෝ සල්ලි නැහැනේ පර්ස් එකේ .....රුපියල් සියට මොකද උනේ .....
උඹ එද්දී සල්ලි ගෙනාවද ....
ඔවු බන් .......ආආආ‍ හුටා දැන් නේ මතක්  උනේ ..කලබලේට ආවට කොන්දගෙන් ඉතුරු ගත්තේ නෑ ..
දැන්  මොකෝ බන් කරන්නේ
කරන්න දෙයක් නෑ ..හිමිහිට මාරු වෙමු ....
උඹලා ටික එලියට පලයන් ..මම සල්ලි ගෙවනවා වගේ ඉදල දුවගෙන එන්නම් .
දුමිය එහෙම කිවුවට මොකද අපි දෙගිඩියාවෙන් වගේ එකා දෙන්නා එලියට පැන්න ..
දුවපන් යකෝ ................කොහෙන් සද්දේ ආවද දන්නෑ සෙට් එකම මිසින් .....
මග දිගට එනකම් සෙට් එකම බඩ අල්ලාගෙන  හිනාව...
උඹලා නම් හිනා වෙනවා .....අර තඩි බඩා ආවා බන් පැනගෙන ..මම වෙට්ටුවක් දාලා පැන්න ...නැත්තම් අද මාර පරිප්පුවක් කන්න වෙන්නේ ....
හරි හරි දැන් දෙයියෝ සිහිකරගෙන යමල්ලා ..මොනවා හරි වෙන් නැතෑ

              බීච් ඒක පුරාම සෙනග .....අද කපල් වලට නම් මරු..........ක්ලාස් නැහැ කියන්නේ උන්ට නම් රජ මගුල් .........
අර බලපන්කො අරුන් දෙන්නා එකට ඇලිලා ......කබරයා කපල් එකක් දිහා  අත දික්කරලම පෙන්නනවා ..

         මුවනම් හදන්නම බැහැ..... .යකෝ බලන එක ක්‍රමේකට කරපිය ...නැත්තම් අපිවත් එක්ක නෝන්ඩි වෙනවා ... විකිය කෑ ගැහුවා ...
හරි  එකානේ කියන්න ..අඩෝ බලපන් මුගේ මුණ දිහා ..පැණි බේරෙනවා ..
කබරයි විකියි මඩ ප්‍රහාර .....
උන්  දෙන්නට ඕන දෙයක් කරගන්න කියලා මම වටේට ඇස් යැවුවා .......ඒ නිමේශයෙන්ම
මගේ   ඇස්  දෙක එකපාරටම ඇස් දෙකක් ලග නතර උනා............

 
        




                      

 
 
    

   


 


  
        


         

Sunday, February 19, 2012

මිනී පෙට්ටිය

මේක මට සිද්ද වෙච්ච කතාවක් ..ටිකක් නුහුරුයි ..ඔන්න කතාව 
                         මම මගේ යාලුවෙක්ගේ මල ගෙදරකට ගියා අවිසවේල්ලේ  .යනකොට මරණය ගෙදරින් එලියට අරගෙන. පැන් වඩලා ඉවරවෙලා කනත්ත දක්වා අරගෙනයන්න යන්න සූදානම් .පිරිමි පාර්ශවය  අඩු හින්ද මම ඉතින් මිනීපෙට්ටියට කරගැහුවේ මගෙන් මොනවහරි උදවුවක් වෙන්න ඕන කියලා .ගෙදර ඉදලා කනත්තට කිලෝමීටරයක් විතර තියෙනවා .යන්න තියෙන්නේ රබර් වතු තුන්මං හන්දි පහුකරගෙන .පෙට්ටිය ගනිද්දී පොඩි බරක් තිබ්බේ .ටික දුරක් යනකොට මෙන්න බොලේ ටික ටික පෙට්ටියේ බර වැඩිවෙනවා .තුන්මං හන්දි දෙකක් විතර පහු උනාම ලොකු යකඩ කදක් අරගෙන යනවා වගේ.අට දෙනෙක් පෙට්ටියට කරගහුවා එහෙම වෙලත් මෙච්චර බර වැඩි උනේ කොහොමද කියලා හිතාගන්න බැරිඋනා. අමාරුවෙන් කොහොම හරි කනත්ත දක්වා කට්ටිය මාරුවෙන් මාරුවට පෙට්ටිය අරගෙන ගියා .පස්සේ මේ ගැන මම දන්න කියන කිහිපදෙනෙක් එක්ක කතා කළා .ඒ අය කිවුවේ මෙහෙම කතාවක් 
                                                            සාමාන්‍යයෙන් ඔය තුන්මං හන්දිවල යක්කු පෙරේතයෝ  එහෙම ඉන්නවා කියනවනේ. මරණයක් අරගෙන යද්දී මේ අය පෙට්ටියට නගිනවාලු. ( ප්‍රයිවට් බස් එකකට නගිනවා වගේ) ඒ අයගේ ප්‍රමාණය අනුව පෙට්ටියේ බර වැඩි වෙනවලු .මොනවා උනත් ඔකේ ඇත්ත නැත්ත මම නං හරියටම දන්නේ නැහැ .හැබැයි උරහිසේ කැක්කුම නම්  දවස් දෙක තුනක් තිබ්බා .කවුරුහරි දන්නවද මේක වෙන්න හේතුව මොකක්ද කියලා..........

Wednesday, January 25, 2012

කුළුදුල් සටහන

ඉතින්.........!  මමත් හිතුවා මමදන්නා  විදිහට මගේ අත්දැකීම් ටිකක් එකතු කරන්න....ඒකට මට ගොඩක් සවියක් උනේ හිස් අහස ......කිසිම පිළිවලක් නැතුව හිටිය මගේ ජීවිතය දැන් පිළිවෙලක් වෙන්න පටන් අරන්...ඒකට හේතුව මගේ ආදරේ......හැමතිස්සෙම මන් ගැන හොයන මගේ ආදරේ......ආදරේ හින්දා කෙනෙක් ජිවත් කරවන්නත් ජිවිතේ අගාදයට තල්ලු කරලා දාන්නත් පුළුවන්.... සදරු කියනවා වගේ තමන්ට අවංකව ආදරේ කෙල්ලෙක් හම්බුනොත් ඒ කොල්ලගේ ජීවිතය රෝසමල් යහනාවක් වෙනවා.මුලින්ම අම්මගේ තාත්තාගේ ආදරෙන් පස්සේ ඊළගට ගොඩක් සමීප වෙන්නේ තමන්ගේ සහකාරියගේ ආදරේ,
                                 අදට මම විදේශගතවෙලා අවුරුද්දයි මාස දෙකයි දවස් විසිපහක් වෙනවා.මේ කාලේ හරියට කල්පයක් වගේ......යන්ත්‍රයක් වගේ ඒකාකාරී ජිවිතෙන් දැන්නම් හෙම්බත් වෙලා ඉන්නේ.උදේ 4.00 ඇහැරිලා නාන කාමරයට දුවන්න ඕන. නැත්තම් මේ ඉන්න සේනාවත් එක්ක වැඩ කරගන්නවා බොරු.ඉතින් ඔක්කොම වැඩටික කරගෙන උදේ 6.00 වෙද්දී කාර්ඩ් එක පන්ච් කරන්න ඕන.ඒ වෙලාවේ ඉදල හවස 4.00 වෙනකම් වැඩ .හවසට ඇවිල්ලා කට්ටියත් එක්ක පහුවදාට අරන් යන්න කෑම උයාගෙන වැඩ ටික ඉවර වෙද්දී හවස 7.00 වෙලා.ඔන්‍න‍ දැන් තමයි නිදහසම වෙලාව. ඒ වෙලාවේ කතා ටික එහෙම බලලා ඉවරවෙලා බ්ලොග් ටික කියවන්න පටන් ගන්නවා.මේ ගෙවෙන්නේ දැන් සීතල කාලය.ලංකාවේ සුවදායක පරිසරයට හුරු වෙච්ච අපිට මේවා කොහොමත් ඔරොත්තු දෙන්න කාලයක් යනවා.රස්නේ කාලයටත් කිසි වෙනසක් නැහැ.ඇග පිච්චෙන්න තරම් රස්නෙයි.ගහකොළ නැති පාලු කාන්තාරයකට වෙලා ඉන්න මට අපේ මිත්‍රයන්ගේ බ්ලොග් සටහන් කියවනකොට හිතට කියන්න බැරි තරම් සුවයක් දැනෙනවා .
                                                මේ මගේ මංගල සටහන ......ගොඩක් දේවල් තියෙනවා කියන්න ...ඉදිරියේදී මට පුළුවන් විදිහට මම අකුරු අමුනන්නම් ....හැමෝටම ත්‍රිවිධ රත්නත්‍රයෙහි පිහිටයි.....