Sunday, February 19, 2012

මිනී පෙට්ටිය

මේක මට සිද්ද වෙච්ච කතාවක් ..ටිකක් නුහුරුයි ..ඔන්න කතාව 
                         මම මගේ යාලුවෙක්ගේ මල ගෙදරකට ගියා අවිසවේල්ලේ  .යනකොට මරණය ගෙදරින් එලියට අරගෙන. පැන් වඩලා ඉවරවෙලා කනත්ත දක්වා අරගෙනයන්න යන්න සූදානම් .පිරිමි පාර්ශවය  අඩු හින්ද මම ඉතින් මිනීපෙට්ටියට කරගැහුවේ මගෙන් මොනවහරි උදවුවක් වෙන්න ඕන කියලා .ගෙදර ඉදලා කනත්තට කිලෝමීටරයක් විතර තියෙනවා .යන්න තියෙන්නේ රබර් වතු තුන්මං හන්දි පහුකරගෙන .පෙට්ටිය ගනිද්දී පොඩි බරක් තිබ්බේ .ටික දුරක් යනකොට මෙන්න බොලේ ටික ටික පෙට්ටියේ බර වැඩිවෙනවා .තුන්මං හන්දි දෙකක් විතර පහු උනාම ලොකු යකඩ කදක් අරගෙන යනවා වගේ.අට දෙනෙක් පෙට්ටියට කරගහුවා එහෙම වෙලත් මෙච්චර බර වැඩි උනේ කොහොමද කියලා හිතාගන්න බැරිඋනා. අමාරුවෙන් කොහොම හරි කනත්ත දක්වා කට්ටිය මාරුවෙන් මාරුවට පෙට්ටිය අරගෙන ගියා .පස්සේ මේ ගැන මම දන්න කියන කිහිපදෙනෙක් එක්ක කතා කළා .ඒ අය කිවුවේ මෙහෙම කතාවක් 
                                                            සාමාන්‍යයෙන් ඔය තුන්මං හන්දිවල යක්කු පෙරේතයෝ  එහෙම ඉන්නවා කියනවනේ. මරණයක් අරගෙන යද්දී මේ අය පෙට්ටියට නගිනවාලු. ( ප්‍රයිවට් බස් එකකට නගිනවා වගේ) ඒ අයගේ ප්‍රමාණය අනුව පෙට්ටියේ බර වැඩි වෙනවලු .මොනවා උනත් ඔකේ ඇත්ත නැත්ත මම නං හරියටම දන්නේ නැහැ .හැබැයි උරහිසේ කැක්කුම නම්  දවස් දෙක තුනක් තිබ්බා .කවුරුහරි දන්නවද මේක වෙන්න හේතුව මොකක්ද කියලා..........

5 comments:

  1. සමාවෙන්න ඕන අවිස්සාවේල්ල ලෙස නිවැරදි විය යුතුයි

    ReplyDelete
  2. මමත් ඔය කථාව අහලා තියෙනවා...

    ReplyDelete
  3. මමනම් මේ අහව්වමයි...මෙහෙම දෙයක් දන්නේ නැහැනේ....

    සමහරවිට නිකන් ගොඩවෙන්න හිතුවද දන්නේ නැහැ ඉස්සරහ හෝල්ට් ඒකෙන බහින්න හිතාගෙන...

    ReplyDelete
  4. මමත් ඔහොම කතාවක් අහලා තියනවා.. ටිකක් හෙවොත් ඕකට බලපාන හැබෑ හේතුව හොයා ගන්ඩ පුළුවන් වේවි..

    ReplyDelete
  5. මාර කතාවක් නේ. අහලා තිබුනට අත්දැකීමක් නෑ.

    ReplyDelete