Wednesday, January 25, 2012

කුළුදුල් සටහන

ඉතින්.........!  මමත් හිතුවා මමදන්නා  විදිහට මගේ අත්දැකීම් ටිකක් එකතු කරන්න....ඒකට මට ගොඩක් සවියක් උනේ හිස් අහස ......කිසිම පිළිවලක් නැතුව හිටිය මගේ ජීවිතය දැන් පිළිවෙලක් වෙන්න පටන් අරන්...ඒකට හේතුව මගේ ආදරේ......හැමතිස්සෙම මන් ගැන හොයන මගේ ආදරේ......ආදරේ හින්දා කෙනෙක් ජිවත් කරවන්නත් ජිවිතේ අගාදයට තල්ලු කරලා දාන්නත් පුළුවන්.... සදරු කියනවා වගේ තමන්ට අවංකව ආදරේ කෙල්ලෙක් හම්බුනොත් ඒ කොල්ලගේ ජීවිතය රෝසමල් යහනාවක් වෙනවා.මුලින්ම අම්මගේ තාත්තාගේ ආදරෙන් පස්සේ ඊළගට ගොඩක් සමීප වෙන්නේ තමන්ගේ සහකාරියගේ ආදරේ,
                                 අදට මම විදේශගතවෙලා අවුරුද්දයි මාස දෙකයි දවස් විසිපහක් වෙනවා.මේ කාලේ හරියට කල්පයක් වගේ......යන්ත්‍රයක් වගේ ඒකාකාරී ජිවිතෙන් දැන්නම් හෙම්බත් වෙලා ඉන්නේ.උදේ 4.00 ඇහැරිලා නාන කාමරයට දුවන්න ඕන. නැත්තම් මේ ඉන්න සේනාවත් එක්ක වැඩ කරගන්නවා බොරු.ඉතින් ඔක්කොම වැඩටික කරගෙන උදේ 6.00 වෙද්දී කාර්ඩ් එක පන්ච් කරන්න ඕන.ඒ වෙලාවේ ඉදල හවස 4.00 වෙනකම් වැඩ .හවසට ඇවිල්ලා කට්ටියත් එක්ක පහුවදාට අරන් යන්න කෑම උයාගෙන වැඩ ටික ඉවර වෙද්දී හවස 7.00 වෙලා.ඔන්‍න‍ දැන් තමයි නිදහසම වෙලාව. ඒ වෙලාවේ කතා ටික එහෙම බලලා ඉවරවෙලා බ්ලොග් ටික කියවන්න පටන් ගන්නවා.මේ ගෙවෙන්නේ දැන් සීතල කාලය.ලංකාවේ සුවදායක පරිසරයට හුරු වෙච්ච අපිට මේවා කොහොමත් ඔරොත්තු දෙන්න කාලයක් යනවා.රස්නේ කාලයටත් කිසි වෙනසක් නැහැ.ඇග පිච්චෙන්න තරම් රස්නෙයි.ගහකොළ නැති පාලු කාන්තාරයකට වෙලා ඉන්න මට අපේ මිත්‍රයන්ගේ බ්ලොග් සටහන් කියවනකොට හිතට කියන්න බැරි තරම් සුවයක් දැනෙනවා .
                                                මේ මගේ මංගල සටහන ......ගොඩක් දේවල් තියෙනවා කියන්න ...ඉදිරියේදී මට පුළුවන් විදිහට මම අකුරු අමුනන්නම් ....හැමෝටම ත්‍රිවිධ රත්නත්‍රයෙහි පිහිටයි.....


8 comments:

  1. එළ එළ දිගටම ලියං යමු මචං!
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුති වේවා .....පුසා දුන් සහයෝගයට

      Delete
  2. Replies
    1. ස්තුතියි මිත්‍රයා ඔබේ සටහනට

      Delete
  3. දිගු ගමනකට ජය පතමි !!!

    ReplyDelete
  4. මට මිස්වෙලා මේ බ්ලොග් එක.. එල.. දිගටම ලියන්න.. මගේ සුභපැතුම්..

    ReplyDelete