දස මසක් කුස හොවා
ඇඟේ ලේ කිරි කර පොවා
පන දෙවෙනි කොට මෙමා
රැකුවේ පුතු නුඹ තමා
කොස් පොලොස් බතල අල
කිරි අලද සමගින්ම රස
බත් නැතත් නුඹේ කුසට
හැදුවේ මා පුතු රජ කෙනෙකු ලෙස
ඉගෙනුමත් ජය අරන්
නීතියේ තැන අරන්
පුතේ නුඹ අද මහා මෙරකි මට
රටේ නුඹ දැන් ලොකු තැනක්
ගෙදර දොර වැඩ පල ත්
ලේලියගේ කරදරත්
වින්දේ මා නුඹ නිසයි
එත් නෑ මට සැනසුමක්
අම්මා යයි කියූ නුඹේ මුවින්
අද එන්නේ මැණිකා ලෙසින්
ගෙදර දොර වැඩ කරමි මා අද
මෙහෙකාරි මිස මවු නොවෙයි
හිත තුටින් වැඩ පල කරේ මා
නුඹ හින්දමයි මයේ පුතේ
ලේලි දුන් මහා ගින්දරකි මට
නුඹේ සිත මා කෙරේ බිදවුයේ
පටවලා සියලු දෑ වාහනේ තදියමට
රැගෙන මා ඇරලුවා නිවස්නෙන් බොහෝදුරක
නමින් ඒ නිවස්නය මහලු මඩමයි කියන
අවසාන කාලයයි දැන් මගේ මේ ගෙවෙන
වියපත්ව මා තනිව මියැදුනා අද සවස
අවසාන හුස්මේදීත් සිහිඋනේ නුඹ ගැනම
ඒ උනත් සුදු පුතේ කියන්නම් මා මෙලෙස
මතු මතුත් ආත්මයම නුඹ වෙයන් මගේ පුතුම ..................!!!!!!
පින්තූරය ගූගල් වෙතින්
පෙරසේම දයාබර ඇස් වලින්
ReplyDeleteආශිර්වාදය පතනවා
ඉපදෙනා මතු මතුත්
මව්පිය ඔබම වේවා...!!
මං පැතුම් පතනවා අම්මේ..... ♥
අම්මගේ ආදරේ තේරුම ගන්න බැරි පුදුමයක්..ආදරයක්..ඒ තුරුළු හැමදාම ඉන්න ඇත්නම්.
ReplyDeleteකවිය හුඟාක්ම දැනුන යාලු...
නම සුරා යකා වුනාට ලෙසටම ලියලා.. ජය !
ReplyDeleteඋල තියන්න එපෑ ඒකව
ReplyDelete